ගණිකා වෘත්තිය ශ්‍රී ලංකාව තුළ නීති විරෝධී වුවත් එය වසංගතයක ආකාරයට පැතිරී යාමට හේතු වී තිබේ.නිදහස් වෙළෙඳ ප්‍රතිපත්තිය, දිළිඳු බව, කාන්තාවන් විදේශගත වීම, ඇඟලුම් කම්හල් සහ නිදහස් වෙළෙඳ කලාපයේ කාන්තාවන් රැකියාවන්හි නියුක්ත වීම, සංචාරක ව්‍යාපාරය, නවීකරණය, යුද්ධය, ව්‍යාප්ත වූ පවුල් වෙනුවට න්‍යෂ්ඨික පවුල් ඇතිවීම නිසා පවුල් සංස්ථාව බිඳ වැටීම, අශ්ලීල ප්‍රකාශන ආදී වශයෙන් මෙකී නොකී සියල්ල අඩු වැඩි තරමින් ගණිකා වෘත්තිය පැතිරීමට හේතුසාධක වී තිබේ.
මිනිසුන් ගණිකාවන් වෙත යන්නේ ඇයිදැයි සොයා බැලීම ද වටී. තමන්ගේ ලිංගික සහකාරියගෙන් වෙන්ව ජීවත් වෙනවිට, ලිංගික සහකාරිය මියගිය විට, වෙනත් සහකාරියක නොමැති විට, තම ලිංගික සහකාරිය ලිංගික සම්බන්ධතාවන් ප්‍රතික්ෂේප කරන විට, තම ලිංගික ජීවිතයේ ඒකාකාරී බවක් දැනෙන විට සහ තමාගේ අස්වාභාවික ලිංගික අපේක්ෂාවනට තම ලිංගික සහකාරිය අවනත නොවන විට පිරිමින් ගණිකාවන් සොයා යාමට පෙළඹෙන බව පෙනේ.
ගණිකා වෘත්තියේ යෙදී සිටින්නන් විසින් ලබාදෙන සේවාව බොහෝ විට තම පෞද්ගලික ලිංගික සහකාරියගෙන් ලබාගැනීමට අපහසු ය. තම සේවාදායකයාගේ සිතැඟි පරිදි හැසිරීමට ගණිකාවන් සූදානමින් සිටී. තමන්ට වැඩිපුර මුදල් හමුවන්නේ එවිට ය. පරපීඩක කාමුකත්වය සහ ස්වපීඩක කාමුකත්වය, මුඛ සංසර්ගය, ගුද සංසර්ගය, කිහිප දෙනකු සමඟ එකවර සංසර්ගයේ යෙදීම වැනි ලිංගික ක්‍රියාවන් සඳහා ගණිකාවන් සූදානමින් සිටී. එවැනි සුවිශේෂ ලිංගික ක්‍රියාවන් මගින් ලබාගන්නා තෘප්තිය බොහෝ විට තම ස්ථිර ලිංගික සහකාරියගෙන් ලබාගැනීමට නොහැකි වනු ඇත.
ගණිකා වෘත්තිය යනු මිනිසුන් දුශ්චරිතයට පොළඹවනු ලබන සමාජ පිළිලයක් ලෙස බොහෝ දෙනකු සලකනු ලැබේ. එහෙත් වෛද්‍යවරුන් ගණිකා වෘත්තිය දෙස බලන්නේ ඊට වෙනස් ආකාරයකට ය. ගණිකා වෘත්තිය නිසා ඇතිවන අයපත් ප්‍රතිඵලයන් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම ඔහුගේ යුතුකම වන්නේ ය.
ගණිකා වෘත්තිය යනු මිනිසුන් දුශ්චරිතයට පොළඹවනු ලබන සමාජ පිළිලයක් ලෙස බොහෝ දෙනකු සලකනු ලැබේ. එහෙත් වෛද්‍යවරුන් ගණිකා වෘත්තිය දෙස බලන්නේ ඊට වෙනස් ආකාරයකට ය. ගණිකා වෘත්තිය නිසා ඇතිවන අයපත් ප්‍රතිඵලයන් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම ඔහුගේ යුතුකම වන්නේ ය.
ගණිකා වෘත්තියේ යෙදෙන්නන්ගේ සෞඛ්‍යය පිළිබඳව ද වෛද්‍යවරුන්ට අවධානය යොමුකිරීමට සිදුවේ. ගණිකාවන්ගෙන් සේවාදායකයාට බෝවිය හැකි රෝග සහ සේවාදායකයන්ගෙන් ගණිකාවට බෝවිය හැකි රෝග වැළැක්වීම සහ ඒවාට ප්‍රතිකාර කිරීම පිළිබඳව ද වෛද්‍යවරයාට කටයුතු කිරීමට සිදුවේ.

No comments:
Post a Comment